ශ්‍රී ලංකාවේ නව මාර්ග සිතියම එළැඹෙන 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.
වසර 06 කට පසු මෙලෙස නව මාර්ග සිතියම එළිදැක්එවෙන අතර මෙලෙස එළිදැක්වීමට නියමිත නව මාර්ග සිතියම සඳහා අධිවේගී මාර්ග පිළිබඳ තොරතුරු , අලුතින් ඉදි වූ මාර්ග පිළිබඳව තොරතුරු මෙන්ම රෝහල්, පොලිස් ස්ථාන ආදිය පිළිබඳ තොරතුරුද ඇතුළත් කර ඇති බව මිනුම්පති එස්.එම්.පී.පී.සංගක්කාර මහතා සඳහන් කළේ.
ඒ අනුව නව මාර්ග සිතියම එළිදැක්වීම මෙරටට සංචාරය කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවයි මිනුම්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.