කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති ලෝක ස්නායු විද්‍යා සම්මේලනයේ දී ලෝක ස්නායු විශේෂඥ සම්මේලනය විසින් සංවිධානය කරන ලද “මනස පිළිබඳ තරඟාවලිය” ස්නායු විද්‍යා ප්‍රශ්නාවලියෙහි ලෝක ශූරයන් බවට ශ්‍රී ලාංකික ස්නායු විශේෂඥයින් කණ්ඩායමක් පත් විය.
රටවල් 136ක් අතරින් ස්නායු රෝග අංශයේ ‘ලෝක කුසලානය’ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
සාර්ථක ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් වූයේ මහාචාර්ය තාෂි චෑන්ග්, ආචාර්ය ඒ.ටී. අලිබෝයි, ආචාර්ය සේනක බන්දුසේන සහ ආචාර්ය මංජුල කල්දේරා.
2019 මයින්ඩ්ස් තරගාවලියේ අනුශූරයන් වූයේ ශ්‍රී ලංකාවයි.
තරඟාවලිය පිටුපස ඇති අදහස වන්නේ විනෝදාත්මක මෙන්ම අධ්‍යාපනික අංගයක් සහිත ස්නායු මාතෘකා පිළිබඳ ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කිරීමයි.