ශ්‍රී ලංකා මුහුදේ සාගර සමීක්ෂණ සිදු කිරීමට චීන යාත්‍රාවට අවසර

චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යාන් 6 නෞකාවට ඔක්තෝබර් 30 සහ 31 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ බටහිර මුහුදේ සාගර සමීක්ෂණ සිදු කිරීමට අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (නාරා) සහ රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් සමඟ එක්ව සාගර සමීක්ෂණය සිදු කරන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නිලධාරීන් නිරීක්ෂකයින් ලෙස Shi Yan 6 නෞකාවේ සිටිනු ඇත,” එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan 6 පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *