ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මුදල් ත්‍යාගයක්

එංගලන්තයට එරෙහිව ඓතිහාසික 20-20 තරගාවලි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට අමෙරිකානු ඩොලර් 25,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ..

එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග ගාස්තු විශාල මුදලකින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෑත කාලයේදී චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ දක්වන විශිෂ්ට දස්කම්වලට ඇගයීමක් ලෙස මෙලෙස ඔවුන්ගේ තරග ගාස්තු ඉහළ නැංවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඒ අනුව කාන්තා ක්‍රිකට් පිලේ තරග ගාස්තු, පිරිමි ජාතික කණ්ඩායමේ තරග ගාස්තුවලට ආසන්න වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *