ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ තමාගෙන් උපදෙස් ලබා නොගත් බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පිළිගත්තේය.
ඉදිරියේදී ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාව හමුවට ක්‍රීඩා ආයතන කැඳවා ගැටලු ඇත්නම් නිරාකරණය කරන බවත්, අත්හිටුවීම අවසන් විසඳුම බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.