ශ්‍රී ලංකා ක්‍රිකට්, කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ ලබන 14 වන අඟහරුවාදා පස්වරු 2ට ක්‍රිකට් ආයතන නිලධාරීන් කමිටුව හමුවට කැඳවා ඇති බවය.

ක්‍රිකට් ආයතනය තුළ වංචා දූෂණ සිදුව ඇති බවට පාර්ශව රැසක් විසින් චෝදනා එල්ල කර ඇති අතර එහි නිලධාරීන් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී ද ඒකමතිකව සම්මත වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *