ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම දේශීය තරඟාවලි වහාම නතර කිරීමට තීරණය කර තිබේ.
මෙයට දැනට පැවැත්වෙන ප්‍රධාන සමාජ 3-දින තරඟාවලිය සහ ආරාධිත සමාජ මට්ටම් ‘B’ 3-දින තරඟාවලියද ඇතුළත් වේ.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටු තීන්දුවක් අනුමත කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2023 අගෝස්තු 25 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිත උපදෙසක් නිකුත් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලැබෙන තුරු අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ.