ශ්‍රී ලංකා – ඉන්දියා බලශක්ති කාර්ය කමිටුව රැස්වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවූ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඒකාබද්ධ කාර්ය කණ්ඩායමේ පළමු හමුව කොළඹදී පැවැත්විණි.

ඉන්දීය නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී භුපින්දර් සිං භල්ලා සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්විණි.

නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරිය සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල නිලධාරීහූ ඉන්දීය නියෝජිත කණ්ඩායම ඇතුළත් වූහ. ඉන්දියාවේ ප්‍රධානතම බලශක්ති සමාගම් නියෝජනය කරමින් ඉන්දියානු කර්මාන්ත මණ්ඩලයේ නියෝජිත පිරිසක් ද නිල නියෝජිත පිරිස සමඟ එකව සිටියහ.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විය.

ඉන්දීය නියෝජිත පිරිස පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ ජයග්‍රහණ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ආයෝජන දිරිගැන්වීම සඳහා ඉන්දීය රජය පිරිනමන පුරවැසි කේන්ද්‍රීය යෝජනාක්‍රම, ජාතික හරිත හයිඩ්‍රජන් මෙහෙයුම සහ ඉන්දියාවේ දේශසීමා හරහා සිදුවන විදුලිබල වෙළඳාම යනාදිය පිළිබඳ සවිස්තරාත්මක විස්තර හමුවට ඉදිරිපත් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *