ශ්‍රී ලංකාව වීසා ක්‍රමවේදය සරල කරනවා – ඇමති

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් දැනට ක්‍රියාත්මක වීසා ක්‍රමවේදය තවදුරටත් සරල කිරීමට රජය තීරණය කර ඇත. දැනට ක්‍රියාත්මක වීසා ක්‍රමවේදයන් තවදුරටත් සරල කිරීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

1948 අංක 20 දරන ආගමන හා විගමන පනත සහ එමගින් නිකුත් කරන ලද රෙගුලාසි යටතේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වීසා කාණ්ඩ තුනක් නිකුත් කරයි, එනම් සංචාරය වීසා, නේවාසික වීසා සහ සංක්‍රමණ වීසා.

සංචාර වීසා සහ නේවාසික වීසා යන වීසා කාණ්ඩ දෙක යටතේ නිකුත් කර ඇති වීසා බලපත්‍රයේ ඇති සංකීර්ණතාව සැලකිල්ලට ගනිමින් වෙනත් රටවල ක්‍රියාත්මක වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වීසා ක්‍රමවේදය සමාලෝචනය කිරීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *