ශ්‍රී ලංකාවේ ධාවනය වන වාහනවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් නිසි දුම් විමෝචන ප්‍රමිතීන්ට අනුකූල නොවන බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව අනාවරණය කර තිබේ.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය
වාර්ෂිකව වාහනවලින් සියයට 20ක් දුම් විමෝචන පරීක්ෂණයෙන් අසමත් වන අතර ශ්‍රී ලංකාවේ ධාවනය වන වාහනවලින් සියයට 90ක් පරිසරයට අහිතකර දුම් නිකුත් කරන බවද කමිටුවේදී අනාවරණය විය.
ශ්‍රී ලංකාවට මගී ප්‍රවාහන බස්රථ ආනයනය කිරීමේ අවම ප්‍රමිතීන් ද කමිටුව විසින් කෙටුම්පත් කර ඇති අතර කමිටුව විසින් තීරණය කරන ලද නිර්ණායක අනුව මගී ප්‍රවාහන බස්රථ ආනයනය කළ යුතු බව සඳහන් කළේය.