ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය සම්බන්ධව නව කැබිනට් තීරණයක්…

ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත මගින් ප්‍රතිපාදන පනවා ඇති බව රජය පවසයි.

2010 අංක 17 දරණ පනත මගින් ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාමට බලපත්‍ර ලබාදිය යුතු නමුත් එම පනත බල ගැන්වීමේ ප්‍රතිපාදන මෙතෙක් නිකුත් කර නොමැති අතර එකී පනත යටතේ මේ දක්වා කිසිදු කැසිනෝ කර්මාන්තයකට බලපත්‍ර නිකුත් කර නොමැත.

මෙවැනි තත්ත්වයක් යටතේ කැසිනෝ කර්මාන්තයේ නියැළී සිටින එක් ආයතනයකින් අදාළ බදු අයකර ගැනීම දුෂ්කර වී ඇති බව රජය වැඩිදුරටත් පැවසීය.

එබැවින් මේ සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එවැනි කර්මාන්ත විධිමත් කිරීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ නියෝග නිකුත් කිරීම, රජයට අයවිය යුතු බදු අයකර ගැනීම සහ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනතට සුදුසු සංශෝධන හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස එම යෝජනාවෙන් ඉල්ලා සිටී. 1988 අංක 40 දරණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *