ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවයි.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන ඉදිරි රැස්වීම් සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව අප්‍රේල් 25 වනදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

2022 ඔක්තෝම්බර් 21 වැනි දින පැවති කෝප් රැස්වීමේදී නිකුත් කරන ලද නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අප්‍රේල් 26 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවා ඇත.

තවද, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම අප්‍රේල් 27 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අප්‍රේල් 28 වැනිදා පෙනී සිටීමට නියමිතය.

2023 මාර්තු 23 වැනි දින පැවති කෝප් රැස්වීමේදී නිකුත් කරන ලද නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මැයි 09 වැනි දින කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *