වෙළෙඳුන්ගෙන් මුදල් වංචා කරන අලුත් ජාවාරමක්

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බව සඳහන් කරමින් දුරකථන ඇමතුම් ලබාදී වෙළෙඳුන්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කිරීම සහ තොග සඟවා ගෙන සිටීමේ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති වෙළෙඳසැල් සහ ආයතන වෙත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

එවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

මේ අතර දින 10ක් තුළ සිදුකළ වැටලීම්වලින් පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ වෙළෙඳසැල් 300ක් හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි.

එම වෙළෙඳසැල්වල හිමිකරුවන්ට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව එම අධිකාරිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *