මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් රට හැර යන සහ රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 41 ක් වෘත්තිකයන් හෝ නිපුනා සහිත පුද්ගලයන් බව විදේශගත වන ශ්‍රී ලාංකියන් පිළිබඳව වාර්තාවකින් හෙළිවී තිබේ.
විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් 2023 වසරේ මසකට විදේශගත වූ සංඛ්‍යාව 25,000 ක් වැනි වැඩි ඉහළ අගයක පැවැති බවත් එම වාර්තාව සඳහන් කරයි.
ඒ අනුව වසරකට ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ තුනක් පමණ රට හැර යමින් හෝ රැකියා සඳහා හෝ විදේශගත වෙති.