අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් හුරිගස්වැව-මීගලෑව මාර්ගයේ තිබූ වසර සිය ගණනක් පැරණි දැවැන්ත ගස් 85 ක් පමණ කපා බිම හෙළා ඇතැයි වාර්තා වේ. තනි පුද්ගලයකුගේ වී මෝලකට විදුලිය ලබා දීම සඳහා විදුලි රැහැන් ඇදීමට යයි පවසමින් මෙම ගස් කපා ඇති බවට වාර්තා වේ.
හුරිගස්වැව හන්දියේ සිට මීගලෑව මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරක මාර්ගය දිගේ පිහිටි කුඹුක්, මාර, කරඳ ඇතුළු වටිනා ගස් වර්ග රැසක් මෙසේ කපාදමා ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ මාර්ගයට සෙවණ සැලසූ මෙම ගස් නොකපා අදාළ විදුලි රැහැන් පද්ධතිය එළිමහන් ප‍්‍රදේශයෙන් ඇදීමට හැකියාව තිබියදීත් මෙම ගස් කපා දැමීම ප‍්‍රදේශයේ දැව ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවකට සිදුකරන ලද්දක් විය හැකි බවයි.