විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසියි

දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා  තීරු බද්ද හා බැඳුණු නව ඍතු බද්දක් හඳුන්වා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද  අඩු කළ අවස්ථාවලදී රටේ භාණ්ඩවල මිල ගණන් නඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයාගේ පැත්තට යොමුවීම  වැනි කරුණු මෙම බද්ද  අහෝසි කිරීමට හේතුවූ බව ඔහු කීවේය.

නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන වකවානුව නිශ්චිතව හඳුනාගෙන දියුණු රටවල මෙන් තීරු බදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වාදිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත්වූ  බව ඔහු වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *