ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කළා. අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
“විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සඳහා ලබා දී ඇති රුපියල් බිලියන 80 ක ණය පියවීමට මුදල් අමාත්‍යාංශය එකඟ වූ බව” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.