විශ්වාසභංගය ඉදිරිපත් කරයි

මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක පුටුවට පැමිණි පසු දේශපාලන සබඳතාවලින් මිදුනේ නැතිව කටයුතු කිරීම ඔහු කරගත් විශාලතම වරද බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ වලට පටහැනීම සම්මත කරගන්නා බවට විපක්ෂය චෝදනා කරද්දී එය නොතකමින් කතානායකවරයා ක්‍රියාකළ ආකාරය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විශ්වාස විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරිණි.

කථානායක ධුරයට පත් වූ පසු දේශපාලන බැමිවරුන් නිදහස් වීම බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය බව කී කිරිඇල්ල මහතා ඔහු තවම වැලිගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරය දරන අතර එය දේශපාලන පත්වීමක් බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *