විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳුදා සිට ඇරඹේ

කොරෝනා අවදානම පහව ගොස් තිබීම හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවත්, ඒ අනුව සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

එමෙන්ම විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල සිසුන් රැදවීමේදී අනුගමනය කළ යුතු සීමාවන්ද තවදුරටත් ලිහිල් කර තිබේ. ඒ අනුව එක් කාමරයක එක් සිසුවෙකු පමණක් රැදවිය යුතු බවට නියම කර තිබුණු සීමාව පවතින යහපත් තත්ත්වය තුළ සිසුන් දෙදෙනෙකු බැගින් රැදවිය හැකි ලෙසට ලිහිල් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *