විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා විදේශගත වන විට එම රටවල රැඳී සිටීම වැළැක්වීම සඳහා බැඳුම්කර ගාස්තුවක් ගෙවීමට සිදුවන ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීමට යෝජනා වී තිබේ.
මෙම යෝජනාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) නිලධාරීන් අතර ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡා කෙරිණි.
වසර කිහිපයකට පෙර එම බලය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගෙන තිබුණත් උපාධි ප්‍රදානය කරන ආයතන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නියාමනය නොකරන බව UGC සභාපති කෝප් කමිටුවට දන්වා ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සියලු විශ්වවිද්‍යාල නිරීක්‍ෂණය කිරීමේ බලය නැවත ලබා නොදුනහොත් රාජ්‍ය විශ්වවිද්‍යාලය පවා කඩා වැටෙනු ඇති බව ඔහු පැවසීය.
සෑම විශ්වවිද්‍යාලයකම සෑම පීඨයක්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන පාඨමාලා හඳුන්වා දිය යුතු බවටද යෝජනා විය.
රාජ්‍ය විශ්වවිද්‍යාල 15 තුළම තොරතුරු තාක්ෂණ විද්‍යාගාර ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වැය කිරීමට නියමිතය.
ඒ අනුව වර්ගීකරණය කරන පාසල්වලට ඉදිරියේදී STEM අධ්‍යාපනය හඳුන්වාදීමට නියමිත බවද වැඩිදුරටත් අනාවරණය විය.
ජාතික පාසල්වලට සහ පළාත් පාසල්වලට එකසේ සැලකීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.