අතරමැදියන් විසින් මිලදී ගෙන ගබඩා කර ඇති වී තොග සොයා දීපව්‍යාප්තව ආරම්භ කර ඇති වැටලීම්වලදී වී කිලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (15 වැනිදා) සොයා ගෙන තිබේ. ඒ අනුරාධපුර විලච්චිය ප්රදේශයේදීයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කෙරුණු අතර, මෙම වී තොග මාස හයකට පෙර අඩු මුදලකට මිලදී ගෙන ඇති කීරි සම්බා වී බවටත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසා සිටින්නේ මෙම වී ගබඩාව අසල 2017 වර්ෂයේ ලියාපදිංචි කරන ලද වී සහල් කිරීමේ සංකීර්ණයක් ඇති බවත්, එම ස්ථානයේ වී සහල් කරන බව පවසා මෙලෙස වී ගබඩා කර ඇති බවත්ය.