කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිඹද උද්ගතවි ඇති ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක් එකගතාවයකට පැමිණ තිබේ. ඒ, පවතින ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ පැවති සාකච්ඡාවකදීයි.
ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබිය යුතු බවට එකගතාවයකට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් හෙට (01) දිනයේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ.