විමල්ගෙන් කංචනට සැර ලිපියක්

නව විදුලි පනත හරහා මහා විදුලි අර්බුදයක් නිර්මාණය කරන බවට සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

පසුගිය දෙසැම්බර් මස 19 වනදා අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරයා වෙත යොමුකර ඇති ලිපියට පිළිතුරු ලබාදෙමින් විමල් වීරවංශ මහතා මෙම ලිපිය යොමුකර තිබේ.

මේ හරහා මහජනයාට ද ඉතා අධික විදුලි පිරිවැයක් දැරීමට සිදුවන බවත් රටේ බලශක්ති සුරක්ෂිතතාව ද අනතුරට ලක්වනු ඇති බවත් විමල් වීරවංශ මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *