2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් මෙවර විශේෂ පහසුකමක් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසා සිටින්නේ විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන https://www.doenets.lk/ වෙත පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසාදී ඇති බවයි.
විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිතුමා මාර්ගයෙන් හා පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින්මද සතියක් තුළදී එම සංශෝධනය සිදු කිරීමට කටයුතු කළ බවයි.