විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ඇතුළු සාධනීය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ “ක්‍රියාකාරීත්වයේ වගවීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විනිවිදභාවය සහ යහපාලනය පෝෂණය කිරීම” යන තේමාව යටතේ ලෝක සාමය ස්ථාපිත කිරීම සඳහා වූ ආසියා ශාන්තිකර කලාපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ විශේෂ ජාත්‍යන්තර සමුළුවට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන මෙම නව සාධනීය ක්‍රියාමාර්ග තුළින් ප්‍රතිපත්ති සම්පාදනය වඩාත් ජනප්‍රිය සහ මූල්‍ය පාලනය සහ අනෙකුත් කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ වගවීමකින් යුතුව සිදුකිරීමට හැකිවන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් ආසියා ශාන්තිකර කලාපයේ සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළුවේ (ISCP) සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වුණු අතර ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක් විය.
මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් Universal Peace Federation (UPF) සහ එහි අනුබද්ධිත ජාත්‍යන්තර සාමය සඳහා වූ සමුළුව (ISCP) සහ සාමය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජාත්‍යන්තර සංගමය (IAPP) සමඟ එක්ව සංවිධානය කරන ලදී.