විධායක ශ්‍රේණියේ වැටුප් ප්‍රමාද කිරීමට කැබිනට් අනුමැතිය…

විධායක නොවන රාජ්‍ය අංශයේ සේවකයින්ට නියමිත වේලාවට වැටුප් ගෙවීමට සහ විධායක ශ්‍රේණියේ කාර්ය මණ්ඩලවල වැටුප් දින කිහිපයකින් ප්‍රමාද කිරීමට රජය අනුමැතිය ලබාදී තිබුණා.

සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති අතර එය රජයේ වත්මන් මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෙන ඇත.

2023 ආදායම් යෝජනා ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය විය. ආදායම් උත්පාදනය සඳහා යම් කාලයක් ගතවනු ඇති අතර, 2023 ජනවාරි මාසයේ සිට එහි වියදම් කළමනාකරණය කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව විධායක ශ්‍රේණියේ කාර්ය මණ්ඩලවල වැටුප් දින කිහිපයකින් ප්‍රමාද කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *