දේශපාලන පත්වීම් ලැබ විදේශ සේවයේ තානාපති හා මහ කොමසාරිස් ධුරවල සේවය කළ 15 දෙනෙකු යළි මෙරටට කැඳවීමට විදේශ සබඳතා අමාත්යංශය පියවර ගෙන ඇති බව වාර්ථාවේ.
එම තනතුරු සඳහා, සුදුසුකම් සහිත පුද්ගලයින් කඩිනමින් පත් කිරීමට නියමිත බව අමාත්යංශය ආරංචි මාර්ග සඳහන් කරන අතර විශ්රාම යාම හේතුවෙන් විදේශ සේවයේ තානාපති තනතුරු දැරූ නිලධාරීන් හත් දෙනෙකු ද යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.
එම පිරිස් සඳහා ද කඩිනමින් අනුප්රාප්තිකයින් පත් කිරීමට නියමිතය.