විදේශ රැකියා සඳහා රජයේ සේවකයන්…

රැකියා හෝ වෙනත් කටයුත්තක් සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන් සඳහා පස් අවුරුදු වැටුප් රහිත නිවාඩු සැලැස්මක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඩේ ඔබ්සර්වර් වෙත ඊයේ පැවසීය.

අමාත්‍ය ගුණවර්ධන මහතා පවසන පරිදි වැටුප් රහිත නිවාඩු කාලය සම්පූර්ණ කිරීමෙන් පසු රාජ්‍ය සේවකයින්ට වසර පහ අවසානයේ ජ්‍යෙෂ්ඨත්වය, ශ්‍රේණි සියලු වරප්‍රසාද සහිතව නැවත හිමිවන බව ද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත වාර්තා කළේය.

මෙමගින් රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා යාමට දිරිගැන්වීමක් ලැබෙනවා. එබැවින් මෙම වැඩසටහන මඟින් රාජ්‍ය සේවකයින්ට ප්‍රතිලාභ රැසක් හිමිවන බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *