ශ්‍රී ලංකා මහ බැංකුව,බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා මුළු වත්කම් වලින් සියයට 20ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට අවසර ලබාදී තිබේ. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක් එක් සමාගමේ සමස්ත ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදියර තුනක් යටතේ මුදල් ණයට ගැනීම සිදු කළ හැකි බවයි.
මෙම අවස්ථාව හිමිවන්නේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් විදේශ මුදල් ණයට ගැනිම සඳහා පහසුකම් සැලසීමට අදාළව මහ බැංකුව හඳුන්වාදුන් නව නියාමන රාමුවට අනුව යි.
මහ බැංකුව සඳහන් කළේ ,සමාගමක මුළු වත්කම් වලින් සියයට 10ක් දක්වා වන විදේශ මුදල් ණයට ගැනීමකදී මහ බැංකුවේ අනුමැතිය අවශ්‍ය නොවන අතර පූර්ව දැනුම්දීම ප්‍රමාණවත් වන බවයි.