විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෝ ‘ඊ-පාස්පෝට්’ නිකුත් කිරීමට අදාළ උනන්දුව ප්‍රකාශ කිරීම (EOI) අත්හිටුවා ටෙන්ඩර් කැඳවීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් තීරණය කර ඇත.
‘ඊ-පාස්පෝට්’ නිකුත් කිරීම සඳහා උනන්දුව ප්‍රකාශ කිරීම් (EOI) කැඳවා තිබූ අතර අයදුම්කරුවන් බොහෝ දෙනෙක් EOI හි ඇතැම් තාක්ෂණික දුෂ්කරතා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි කර තිබු අතර අදාළ කටයුතු සඳහා විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමටත් පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ‘ඊ-පාස්පෝට්’ නිකුත් කිරීම සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමටත් අලස් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව එම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අමාත්‍ය අලස් මහතා EOI සඳහා ලංසු කැඳවීම අවලංගු කර සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත.
මේ අතර වසරකට විද්‍යුත් ගමන් බලපත්‍ර ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වැය වන බවත් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා භාවිත කරන යන්ත්‍ර සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදු වූ බවත් අධික පිරිවැය හේතුවෙන් විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ද දුෂ්කර වී ඇති බවත් එම නිලධාරියා පැවසීය.