විදේශ අමාත්‍ය අලි සබ්රි සෞදි අරාබියේ සංචාරයක…

සෞදි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයකට අනුව 2023 ජනවාරි 23 සිට 27 දක්වා විදේශ කටයුතු අමාත්‍ය එම් යූ එම් අලි සබ්රි සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

අමාත්‍යවරයා විදේශ අමාත්‍ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත අතර සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මක්කම සහ මදීනා ආණ්ඩුකාරවරුන් ද හමුවීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්යංශය

කොළඹ

2023 ජනවාරි 21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *