විදුලි වාහන සංඛ්‍යාව වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක : පරිසර අමාත්‍යාංශ ලේකම්

වාහන ආනයනය කිරීමේදී විදුලි වාහන (EV) ප්‍රමාණය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

2030 වන විට ඉලක්කවලින් 70%ක් සපුරාලීම සඳහා මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පරිදි මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

විදුළි වාහන භාවිතය ජාත්‍යන්තර ප්‍රවණතාවක් බවට පත්ව ඇත. ලෝක වෙළඳපොලේ විදුළි වාහනවල මිල ඉහළ මට්ටමක පවතින නමුත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

ෆොසිල ඉන්ධන වාහනවල සිට විදුළි වාහන දක්වා පරිවර්තනීය වෙනස දැනට නෙදර්ලන්තය වැනි විවිධ රටවල සිදුවෙමින් පවතී.

වත්මන් ආර්ථික කඩාවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට එම ඉලක්කයට ක්‍රමක්‍රමයෙන් ළඟා විය යුතුව තිබෙනවා. කෙසේ වෙතත්, 2030 වන විට පරිවර්තනීය වෙනස සම්පූර්ණයෙන්ම පිළිගැනීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටින බව වෛද්‍ය ජාසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *