විදුලි කප්පාදුව ලබන සතියේ පැය 10 දක්වා දීර්ඝ වෙයි…

ඉන්ධන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලාගාර කිහිපයක ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

කෙරවලපිටිය බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය අද ප්‍රකාශ කළේය.

ඉන්ධන හිඟයක් හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයේ විදුලි උත්පාදනය අත්හිටුවා ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

මේ අතර, දැනට පවතින විදුලි කප්පාදුව දිනකට පැය 6 ½ සිට පැය 10 දක්වා දීර්ඝ කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන සතියේ සිට පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කළා.

විදුලිබලාගාරවල ඉන්ධන සහ ජලවිදුලි බලාගාරවල විදුලිය නිපදවීමට අවශ්‍ය ජලය නොමැතිවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *