විදුලිය විසන්ධි වීමේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවෙලා

ඊයේ විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක් තුළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිරවී සිටි බව වාර්ථා වේ.

තුෂාර ඉඳුනිල් අමරසේන සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් දෙදෙනා විදුලිය විසන්ධි වීම නිසා විදුලි සෝපානයේ මැදිරිය ඇණහිටීමත් සමඟ විනාඩි 15ක කාලයක් සිරවී සිටියහ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ මන්ත්‍රීවරුන් දෙදෙනා අදාළ බලධාරීන්ට දැනුම් දීම සඳහා විදුලි සෝපාන කුටියේ සවිකර තිබූ හදිසි ඉන්ටර්කොම් දුරකථනය භාවිත කළ බවයි. සභාවේ සිටි සේවකයෝ පැමිණ මන්ත්‍රීවරුන් එළියට ගෙන ඇත.

2017 වසරේදී එවකට විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විදුලි සෝපානයක සිරවීමත් සමඟ මෙවැනිම සිදුවීමක් සිදුවූ බැවින් පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන නතර වූ දෙවන අවස්ථාව මෙය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *