විද්‍යුත් දුම්වැටි උවඳුරක් ලෙස ව්‍යාප්ත වෙලා – සුරාබදු කොමසාරිස් ජනරාල්

ශ්‍රී ලංකාව තුළ , විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්‍රයෙන් විද්‍යුත් දුම්වැටි , උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි මහතා පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තුවේ , ජා – ඇළ  විශේෂ සුරාබදු  වැටලීම් ඒකකය මගින් සිදු කර තිබූ වැටලීමකින් පසුව , අත් අඩංගුවට ගත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා  විද්‍යුත් දුම්වැටි තොගයක් පරීක්ෂා කිරීමේ නිරත වෙමින් සිටියදීය .

මේ වනවිට කොළඹ , ගම්පහ , පානදුර වැනි ශ්‍රී ලංකාව අගනුවර කේන්ද්‍ර කර ගත් තදාසන්න ප්‍රදේශ වල මෙම විද්‍යුත් දුම්වැටි වයස අවුරුදු 40 ට අඩු පාසැල් සිසුන් ඇතුළු පිරිස අතර භාවිතා වන බව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය .

එහෙත් මේ වනවිට ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශ කරා ද මෙම දුම්වැටි ව්‍යාප්ත වෙමින් පවතින බවට නිදසුනක් ලෙස රත්නපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක සිසුවෙකු , මෙවැනි විද්‍යුත් දුම්වැටියක් තම පාසැල තුළට රැගෙන විත් ,එක් වාරයක් දුම්පානය කිරීම සදහා රුපියල් 20 ක් මුදලක් අය කර ගෙන ඇති බව දෙමාපියන් විසින් පාසැලට , පොලිසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිළි කර තිබේ .‍ෙ

මෙම විද්‍යුත් දුම්වැටි දැනට මාර්ගගත ක්‍රමයට ( Online ) අලෙවි කිරීම සහ බෙදාහැරීම සිදු කෙරෙන අතර එම දුම්වැටි ස්මාර්ට් අත් ඔරලෝසු , පෙන් ඩ්‍රයිව් , විදුලි බල ගබඩා ( Power Bank ) , සුවද විළවුන් බෝතල් යන ආකාර වලින් නිෂ්පාදනය කර තිබෙන නිසා මෙය දුම්වැටියක් ලෙස හදුනා ගැනීමට අපහසු වී ඇති අතර , මෙම දුම්වැටි පාසැල් සිසුන් සහ තරුණයන් තම පරිගණකය අසළ , සුවද විළවුන් බෝතල් අසළ තැබීමට වග බලා ගෙන තිබේ .

මෙම විද්‍යුත් දුම්වැටි ක්ෂණිකව හදුනා ගැනීමට අධ්‍යාපන බලධාරීන් , පොලිසිය සහ සුරාබදු නිලධාරීන් නොහැකි වීම නිසා මෙම දුම්වැටි මර්දනය කිරීම ද අපහසු වී ඇති බව ද , සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *