වැව් 10,000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සිඳී ඇත: ඇමති අමරවීර

පවතින නියඟය හේතුවෙන් දිවයිනේ වැව් 10,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති අතර ප්‍රධාන ජලාශ සියල්ලේම ජල මට්ටම සියයට 35-40 කින් පහත වැටී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දෙපාර්තමේන්තුවට ලැබී ඇති ප්‍රතිපාදන අනුව මෝසම් වර්ෂාවට පෙර හානියට පත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.

දැනට ක්‍රියාත්මක එල්නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි කන්නයේ දී හොඳ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි උපකල්පනය කරන අතර ඉන් පසුව එන මීළඟ කන්නය නැවතත් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එබැවින් මෝසමට පෙර මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් වැඩි ජල ප්‍රමාණයක් ගබඩා කර ගැනීමටත් ගොවි ගැටලුවලට විශාල ලෙස විසඳුම් ලබාදිය හැකි බවත් ඇමැතිවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *