ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩිකර ගත් වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවට හැකියාව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
ඒ සඳහා මුදල් කමිටුවේ වාර්තාව එනතුරු බලා සිටීමට අවශ්‍ය නැති බවත් මෙතෙක් කල් ආණ්ඩුව වැඩ කළේ මුදල් කමිටුවේ තීරණ අනුව දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ වැටුප් වැඩි කරගත්තේ ආණ්ඩුව ගෙනා පනත උපයෝගී කරගෙන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.