වැටුප් රහිත නිවාඩු සම්බන්ධයෙන් රජයේ සේවකයන් සඳහා නව ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරයි.

විශ්‍රාම වැටුප් හිමි රජයේ නිලධාරීන් සඳහා උපරිම වසර 05ක් දක්වා වැටුප් රහිත දේශීය නිවාඩු ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විශ්‍රාම වැටුප් හිමි රජයේ නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨත්වයට අගතියක් නොවන පරිදි දේශීය නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ජුනි මාසයේදී පත් කළ බව රජය පවසයි.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, දේශීය කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

වසර 5ක උපරිම කාලයක් දක්වා වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *