වැට් බදු වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

එකතු කළ අගය මත බදු (වැට්) (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් 20 වැනි දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ පරිදි පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතය.

2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) දැනට පවතින සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *