පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාරිමාර්ග ජලාශවල සම්පූර්ණ ජල ධාරිතාව සියයට 75 දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ජලාශ 40 මේ වනවිට පිටාර මට්ටමට පැමිණ ඇති බවයි ඔවුන් පැවසුවේ.
කෙසේ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුඔය ජලාශයේ ජල ධාරිතාව පිළිවෙළින් සියයට 44ක් සහ සියයට 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවද, මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, සමස්ත ධාරිතාව සියයට 85ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ජලාශ හතරක් වාන් මට්ටමට පැමිණ තිබෙනවා.
එබැවින් ජල විදුලි උත්පාදනය සහ පානීය කටයුතු සඳහා අඛණ්ඩව සැපයීම සඳහා ජලය උපරිමයෙන් භාවිත කළ හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.