වාණිජ බැංකු පොලී අනුපාතිකය අඩු කිරීමේ චක්‍රලේඛයක් ඊයේ නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ පස්වරුවේ යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, ගනුදෙනුකරුවන් අධෛර්යමත් කිරීමේ සහ උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් බැංකු සිය පොලී අනුපාත ඉහළ දැමුවා.
ඒ අනුව උද්ධමනය පහළ ගොස් ඇති බැවින් මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාත දෙවරක් අඩු කළද වාණිජ බැංකු ඒ අනුව ක්‍රියා කර නැත. මෙවර නව බැංකු පොලී අනුපාතිකය අඩු මට්ටමකට පත් කරමින් නව චක්‍රලේඛයක් ඊයේ නිකුත් කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පහත දැමූ බැංකු පොලී අනුපාත අනුව නව උකස් පොලී අනුපාතය 18%, බැංකු අයිරා පොලී අනුපාතය 23%, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාත 28%, යනාදී ලෙස අමාත්‍යවරයා පැවසීය.