ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට

ක්ෂේත්‍ර තවත්   14කින්  බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්  සියඹලාපිටිය  මහතා පැවසීය.

මහා පරිමාණ උපකාර පංති, පෞද්ගලික පාසල්,  පෞද්ගලික වෛද්‍ය සේවා ස්ථාන, ඉංජිනේරු සේවා ස්ථාන සහ   මිනින්දේරු සේවා  ඒ  අංශ දාහතරට ඇතුළත් වන බවද ඔහු සඳහන් කළේය.

එම  අංශවල ලියාපදිංචි වුණු සියලු දෙනාගේ ආදායම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයකුට අවස්ථාවක් නොදෙන බවද සඳහන් කළේය.

බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොතිබූ බව ඔහු කීවේය.

ඉහත ක්ෂේත්‍ර   14 අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *