වරිපනම් බදු අනුපාතය දෙවසරක් යන තුරු ඉහළ නොදැමේ

මෙරට පළාත් පාලන ආයතන මගින් අයකරන වරිපනම් බදු අනුපාතය වසර දෙකක් යන තෙක් ඉහළ නොදැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පළාත් පාලන ආයතන වසර 5න් 5ට වරිපනම් බදු තක්සේරුව ඉහළ නංවන බවත් මේ වන විට වසර 10කින් එය ඉහළ නංවා නොමැති නිසා මෙවර කිහිප ගුණයකින් වරිපනම් බදු ඉහළ නැංවීමට එම ආයතන සැලසුම් කර තිබූ බවත් ඇමතිවරයා අවධාරණය කළා.

රට මුහුණදී ඇති කොවිඞ් වසංගත තත්ත්වය යටතේ එසේ බදු ඉහළ දැමීමෙන් කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට මෙන්ම මහජනතාද දැඩි අපහසුතාවයට ලක් වන බැවින් වරිපනම් බදු ඉහළනැංවීම වසර දෙකක් යන තෙක් අත්හිටුවීමට රජය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *