ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ. ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කර තිබේ.
ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් අවහිරයකින් තොරව පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතේ 3 වැනි වගන්තියෙන් ස්ථාපිත වරාය අධිකාරිය විසින් ඊට අදාළව අවශ්‍ය සේවා පවත්වා ගෙන යා යුතු බවටයි.