වර්ජනයෙන් පීඩාවට පත්වන රෝගීන් වෙනුවෙන් වෛද්‍යවරු ගත් තීරණය

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව දින දෙකක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

කෙසේවෙතත් වර්ජනය නිසා රෝගීන් පත්වන දුෂ්කරතාව සැලකිල්ලට ගනිමින් පෞද්ගලික අංශය මගින් පරීක්ෂණ කටයුතු සිදුකිරීමටත්, ඔසුසැල් මගින් ඖෂධ ලබාදී අදාළ වියදම රෝහල මගින් දැරීමටත් රෝහල් කිහිපයකම වෛද්‍යවරු පියවර ගෙන තිබුණි.

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා,

“විද්‍යාගාර පරීක්ෂණ, Xකිරණ පරීක්ෂණ, CT ස්කෑන් පරීක්ෂණ වගේ අත්‍යවශ්‍ය පරීක්ෂණ පිටින් කරගන්න අපි ලෑස්ති කරලා තියෙනවා. සායනික රෝගීන්ට අවශ්‍ය ඖෂධ සිකුරාදා, සෙනෙසුරාදා, සඳුදා නිකුත් කරනවා. හදිසි සේවා හෙට නවත්වන බව දැනුම්දීලා තියෙනවා. කොහොම වුණත් රෝගීන් අපහසුතාවයට පත්කරන්නේ නැහැ.”

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“අත්‍යවශ්‍ය පරීක්ෂණ හෝ බෙහෙත් අවශ්‍ය නම් අපි ළඟම තිබෙන පුද්ගලික රසායනාගාරවලින් සේවා ලබාදීමට සැලසුම් සකස් කරලා තියෙනවා.” 

සෞඛ්‍ය සේවයේ උසස්වීම් විෂමතා ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කෙරිණි.

වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට එල්ල වූයේ දැඩි බලපෑමකි.

ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව කියා සිටියේ,

“සල්ලි තියෙන අය සල්ලි දීලා බෙහෙත් ගනී. දුප්පත් අපි මොකද කරන්නේ. දුක්විඳලා මැරෙන්න වෙන්නේ. අසරණ රෝගීන්ගෙන් තමයි පළිගන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *