වතුකම්කරුවෙකුගේ දිනකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදීමට අපහසු අතර එය ක්‍රියාත්මක නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා සේවක සම්මේලනය සඳහන් කරයි.
එම වැටුප් වැඩිකිරිම ප්‍රාදේශීය වතු සමාගම් වලට අනිවාර්ය කිරීම ලංකාවේ නීතියට පටහැනි වන අතර ඡාත්‍යන්තර කම්කරු සංවිධානයේ 98 වැනි සම්මුතියේ සඳහන් සාමුහික කේවල් කිරිම සිද්ධාන්තවලට පරස්පර වන බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය.
ලංකා කම්කරු කොංග්‍රසය ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය සහ ප්‍රාදේශීය වතු සමාගම් මේ වන විට සාමුහික ගිවිසුමකට අත්සන් තබා තිබෙන බවද එම ගිවිසුම 2021 වසරේ ජනාවාරි මාසය දක්වා බලපැවැත්වෙන බවද ලංකා සේවක සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පැවසීය.