භෝග වගා වර්ධනය සඳහා වැඩිපුර ඉඩම් අවශ්‍ය බැවින් සියලූ ප්‍රදේශවල වගාවට සුදුසු ඉඩම් කඩිනමින් හදුනා ගැනීම ප්රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි.
ඊයේ (27) පෙරවරුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේකඩවල ග්‍රාම නිලධාරී වසමට අයත්, කිවුලේකඩවල විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 12 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ අස්වනු වැඩි කිරීම පිණිස ඉඩම්වල ඵළදායිතාව නැංවීමත් එකසේ වැදගත් බැවින් ඒ සඳහා ගෝවීන්ට නවීන තාක්ෂණය හදුන්වාදීමට සහය වන ලෙසටයි.