Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
විශේෂාංග

ලෝක උරුම ලැයිස්තුවට ආ අලුත්ම තැන්

ලෝක උරුම ලැයිස්තුවට ආ අලුත්ම තැන්

එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරක දීම ලොව පුරා ස්වභාවික හා සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන ලෝක උරුම ලෙස නම් කරන අතර ඒවා යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශිත ලෝක උරුම ලෙස පසුව නම් කිරීම සිදුවේ.

යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම නම් කරන කමිටුව 43 ව‍ැනි වතාවට ජූනි 30 වැනි දින අසර්බයිජානයට රැස්වෙන අතර එම සමුළුව ජූලි 10 වැනිදා දක්වා පැවැත්වේ. සමුළුව අවසානයේ දී ඔවුන් විසින් නව ලෝක උරුම ලෙස ස්ථාන 29ක් නම් කරනු ලබන අතර ඒ අනුව මින් පසුව මෙම ස්ථාන 29 ද යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත්වේ.

ඉන්දියාවේ රාජස්ථාන්හි ජායිපූර් නගරය 

LK reports news sinhala

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ වර්තමාන අගනගරය වන ජායිපූර් නගරය සංස්කෘතික වටිනාකමකින් යුක්ත ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝවේ ඒ සම්බන්ධ කමිටුව විසින් තීරණය කර ඇත.

ඉපැරණි රාජධානි නගරයක් වන ජායිපූර් හදුන්වන්නේ රෝස නගරය (pink city) ලෙස යි. එය රාජස්ථානයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. 1729 දී පමණ මෙම අලංකාර නගරය නිර්මාණය කර ඇති අතර ඉන්දියාවේ සැලසුම් සහගතව ඉදිකළ පළමු නගරය ලෙස මෙය සැලකෙනවා. වෛදික ගෘහනිර්මාණ ශිල්පයෙන් අලංකාර වූ නගරය දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් වෙනවා. ඒ වගේම මෙහි විශේෂත්වය වන්නේ සම්ප්‍රදායික හින්දු ගෘහ නිර්මාණ ශිල්පයෙන් බැහැරව නිර්මාණය කර තිබීම යි.

ඉරාකයේ පැරණි බැබිලෝනියා නගරය 

මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් ඉරාකයේ පැරණි නගරයක් වන බැබිලෝනියාව ද මෙම වසරේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර මෙම නගරයට එහි ඇති එල්ලෙන උයන ද අයත් වේ. එල්ලෙන උයන ලෝක පුදුම හතෙන් එකක් ලෙස නම් කර තිබුනේ මීට බොහෝ කාලයකට ප්‍රථමව යි. මීට ප්‍රථමව මෙම නගරය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට අදහස් කර තිබුණ ද ඉරාකයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින යුද්ධය හා දේශපාලන අස්ථාවරභාවය එම තීරණය කල් දැමීමට සමත් වෙනවා. නමුත් මේ වසරේ දී නගරය ලෝක උරුමයක් ලෙස නම් කිරීම ඉරාක රජය ලැබූ ජයග්‍රහණයක් ලෙස සඳහන් වේ.

මියන්මාරයේ බැගැන් 

බෞද්ධ විහාර දහස් ගණනක් පිහිටි මියන්මාරයේ බැගැන් පෞරාණික නගරය මේ වසරේ දී යුනෙස්කෝව විසින් සංස්කෘතික වටිනාකමක් සහිත ලෝක උරුමයක් බවට පත්කර තිබෙනවා. මෙම නගරයට අධික සංචාරක ආකර්ශනයක් පවතින අතර ප්‍රදේශය පුරා වායු බැලුන චාරිකා ඉතා ප්‍රසිද්ධ යි.

පරටී – බ්‍රසීලය 

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහි පිහිටි පරටි නම් වෙරළබඩ නගරය ද මේ වසරේ දී ලෝක උරුම ලැයිස්තුවට එකතු කර තිබෙනවා. එය ලෝක උරුම ලැයිස්තුවට එකතු වී තිබෙන්නේ ස්භාවික වැදගත් ස්ථානයක් ලෙස යි. ඓතිහාසික වරායකින් මෙම වෙරළ නගරය සමන්විත වෙන අතර 17 වැනි සියවසේ යුරෝපයට යාත්‍රා වූ නෞකා බොහෝ ප්‍රමාණයක් මේ ඔස්සේ යාත්‍රා වී තිබෙනවා. අද වන විට ලොව පුරා සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට මෙම වෙරළබඩ නගරය පත් වී තිබෙනවා. එමෙන්ම මෙම ප්‍රදේශය ලොව ජෛවවිද්‍යාත්මක වශයෙන් උසස් ප්‍රදේශයක් ලෙස ද නම් වී තිබේ.

ඕම්බිලින් ගල් අගුරු ආකර – ඉන්දුනීසියාව 

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාවේ කැලෑබද ප්‍රදේශයක පිහිටි 19 වන සියවසට අයත් ඕම්බිලින් ගල් අගුරු පතල ද 2019 වසරේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ප්‍රදේශයේ ගිනිකොණ දිග ආසියාවේ පළමු ගල් අඟුරු කැනීම් සිදුකළ ප්‍රදේශය ලෙස සඳහන්‍‍ වේ.

මුල් යුගයේ දී ගල් අගුරු ආකරවල වැඩ කටයුතු සිදු වූ ආකාරය එහිදී භාවිතා වූ උපකරණ හා විවිධ යන්ත්‍ර හා විශාල ප්‍රමාණයේ දෝනා මෙහිදී සංචාරකයන්ට දැකගත හැකිවෙනවා. ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයට සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා.

මෙවර නම් කරන ලද ලෝක උරුම 29 අතර ලොව පුරාම විවිධ රටවල නොයෙක් ආකාරයේ වටිනා කමින් යුක්ත ස්ථාන අයත් වෙනවා. චීනයේ, අයිස්ලන්තයේ, පෝලන්තයේ, කැනඩාවේ, ස්පාඤ්ඤයේ, කොරියාවේ, බ්‍රිතාන්‍යයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ, පෘතුගාලයේ හා තවත් බොහෝ රටවල් ප්‍රමාණයක ලෝක උරුම රාශියක් මෙවර ප්‍රකාශ කර ඇත.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *