ලෝකාන්තයට යන මාර්ගය වසා ඇත

වැලිමඩ, අඹේවෙල – රයිඳපොල මාර්ගය ලෝකාන්තය දෙසට දිවෙන මාර්ගය ඊයේ අලුයම කිලෝමීටර් 3 කණුව අසලින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දැමුණා.

පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයට දැඩි අලාභහානි සිදුවී ඇති අතර ඒ හේතුවෙන් ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති බව පොලීසිය සඳහන් කළේය.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, තවදුරටත් පස් කන්දක් කඩා වැටීමේ අවදානම හේතුවෙන් මාර්ගය වසා දැමූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *