ලුණුගම්වෙහෙර ජලාශයේ සියලු වාන් දොරටු විවෘත කෙරේ

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් දැනුම්දී ඇත්තේ මේ  වනවිට ජලාශයේ වාන් දොරටු 6ම අඩියක් බැගින් විවෘත කර ඇති බවය.

මේ  හේතුවෙන් ජලාශයට පහළ කිරිඳි ඔය දෙපස පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන්  පසුවන  ලෙස  තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැනුම්දීමක්  සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *